මයෙ අම්මට බුදු බව අත්වෙන්ඩ ඕන ඇස්දෙක පාදලා මොනව හරි ලියන්ඩ පාර පෙන්නුවට. ඒ විතරක් නෙවෙයි බඩසයින් ඉන්ඩ වෙන්නෙ නැති තරමට උයා පිහා ගන්ඩ කියලා දුන්නට. හෙනං එතකොට තාත්තා අමතක වෙන්නෙ නැහැ උන්දැ තමයි වේලක් ගාණෙ බත නැත්තං වෙන මොනව නමුත් තම්බගෙන කන්ඩ හරි ගැස්සුවෙ. මං මෙහෙම කිවුවම කයෙ නමුත් ඇස් තෙත් වෙන්ඩ ඉඩයි මනුස්සකම් දන්නවනම්. මේ ලිවුම් පංගු අයිති කවුරු නමුත් ඒ මනුස්ස වේදනාව මා එක්කලා බෙදාහදා ගන්නවා නම් මං මනාපයි. මොකදෑ ඉතිං අපේ කෑම සංස්කෘතිය අස්සෙ හැංගිලා වැලලෙන්ඩ නොදී මෙව්ව ලියා තියන්නෙ ඔය ඇත්තන්ඩත් පිං සිද්ධ වෙන්ඩ නෙව. කයෙ කී දෙනෙක්ගෙ දැනුමද මේ. ඉතිං ආයෙ වංගියක් කියන්නෙ මෙව්වා කියෝනවා නම් අල පරිප්පු විතරක් තම්බා කන්නෙ නැතුං ඩිංගිත්තක් වෙනස් විදිහට හිතලා ඉවිල්ලක් පිවිල්ලක් කර ගන්ඩ තැනුවොත් හො ඳ යි. හා එතකොට අර තග්ගෙඩි ගැන ලිවුවම එව්වා කාලා දන්න මතක උන්දැලා කිව්වා ආයෙත් උයාගෙන කන්ඩ හිතෙනවා කියලා. ඉතිං ඒකනෙ වෙන්ඩ ඕන. මේ දෙතුන් දොහකට ඉස්සර අපේ බලංගොඩ ගෙදර ඉස්සරහ ගෙදර නැන්දම්මා කියනවා මහත්තයට අපේ විමලා නංගි මුලිච්චි කරන්ඩ හිතාන ඉන්නෙ මං කියලා. ඇයි ඇහුවම උන්දෑ දන්න පරණ ඉවුම් ...
අකුරු කතා කරන වෙලාවට නිසංසලේ අහගෙන ඉන්න. මෙම බ්ලොගය ඔබ හා බොහෝ දෑ කතා කරනු ඇත. සමහර දේවලදී ඔබ සාක්කිකරුවා වනු ඇත. කලාව, දේශපාලනය, සංස්කෘතිය, ජන දැනුමට ප්රවේශ වන බිහිදොරක් ලෙස මෙය පරිශීලනය කරමු.