Skip to main content

Posts

ඔබ එනකම් පාසිකුඩාව

(මෙවැනි ලිපි කියවන්න සතිපතා අනිද්දා පත්තරෙන්) අබේනායක ධනපාල ඉපදුණේ පදියතලාවෙ. ඉස්කෝලෙ ගියෙත් පදියතලාවෙ. හරියටම ඒ අවුරුද්ද මතක නැති වුණත් පස්සෙ කාලෙක මිනිස්සු කතා කරපු දේවල් අහගෙන හිටපු හින්දා හිතේ තැම්පත් වුණා ජේ. ආර් අලුත් ආණ්ඩුවක් හදාපු අවුරුද්දෙ තමුන්නෙ ඉරණම වෙනස් අතකට පෙරලෙන්න ඇති කියලා. අවුරුදු හතක් වෙච්ච දෙකේ පංතියට පාස් වුණු කොල්ලෙක් ඉස්කෝලෙ ඇරිලා එද්දි බිබිල පොළට ගිහින් කෙසෙල් ඇරගෙන මරක්කල මිනිස්සු ඉන්න පැත්තට පදින ලොරියක් නවත්තලා නැගපං කිවුවෙ ඇයි කියන්න ධනපාල අදටත් දන්නෙ නෑ. සමහරවිට කවදාවත් කෙසෙල් තියා වෙන මොනවහරි පටවපු ලොරියක නැ ඟ ලා දුරක ගිහින් නැති ධනපාල එදා ඒ ලොරියට නැග්ගම එක්කාසු කරගෙන ආපු ලොරි කාරයො දැන් ඉතිං බැහැපං කිවුවෙ චෙන්කල්අඩිවලදී. පොත් ටිකත් තියාගෙන චෙන්කල්අඩි පාර අද්දර බයේ ගැහි ගැහී හිටපු ධනපාලගෙ විස්තර අහලා දැන් ඉතිං මොනව කරන්නද මා එක්ක යමං කිව්වෙ තවත් මරක්කල මනුස්සයෙක්. ඒ ගමන ඇවිත් නැවතුණේ වාලච්චේනෙ. උන්දැගෙ ගෙදර. එදා ඉ ඳහිට  ධනපාල කුඹුරු වැඩට උදව් වුණා. හරක් එළුවො බැලුවා. ඒ ගෙදර මනුස්සයගෙ දුව ෆරීඩා ධනපාලගෙ තනි නොතනියට හිටියා. පස්සෙන් පහු දෙන්නගෙ හිත්
Recent posts

බතක වත

අර කාත්තන්කුඩියෙ මහ පල්ලියෙ මහ බුරියානි බත ගැන ලියාලා ඒ විදියට නැතත් පාසු වෙන විදියකට බුරියානි හදාගන්න හැටිත් ලියව්වා නෙව පහුණු සුමානේ. ඊට පස්සෙන් පහු ඒ සම්මෙට උයාගත්ත ඇත්තොත් කතා කරලා පංකාදුයි කිව්වා. ඔයි අතරෙ තමයි මං දැක්කෙ කසුන් පුස්සෙවෙල මලයා අමුතු බතක් උයාගෙන කාලා ඒකෙ පින්තූර ඇන්න මුහුණු පොතේ අලවලා තිබ්බා. උන්දැගෙ වට්ටෝරුවේ පෙනුමෙ හැටියට නං ආයෙ කියන්ඩ කාරණා දෙකක් නෑ රස වෙන්ඩම ඕනි. ඒ අව් අස්සෙ අපේ තව ඇත්තෙක් කුකුළු මස් දමාලා උයාපු බුරියානි බතක් කන්ඩ සූකර මසක් උයාගෙන තිබ්බා කලුවට හාල් පොල් කලුවෙන්ඩ බැදලා කුඩු කරලා එව්වා දමාලා. හා ඉතිං මේ බුරියානි නං ඉත්තේරුවෙම්ම කියන්ඩ ඇහැක අරාබි කරෙන් ආපු පස්සෙ අපේ වෙච්ච මරක්කල උන්දැලා අ ඳ ුන්නලා දීපු   කෑමක් කියලා. අපේ මැලේවරු ළ ඟ ත් මේ වාගේ අමුතු බත් තියෙනවා. එව්වට සමහරු නාසිගුරාන්ග් නැත්තං නාසිගුරානි කියලා කිව්වට හැබෑ නාසිගුරානි මං කෑවෙ ඉන්දුනීසියාවෙ ජකර්තා නුවරදි. ඒ වචනෙත් තේරුම කුලු බඩු දාලා හදාපු බත කියන එක වාගෙ මට මතක. මං වැරදි නං පෙන්නලා දෙන්ඩ හො ඳ යි. හැබැයි ඉතිං දැන් අපේ උන්නැහේලා හන්දියක් හන්දියක් ගාණෙ ඇරගෙන හැකරැල්ලො වාගෙ සත්තු

කාත්තාන්කුඩියෙ බුරියානි

(මෙම ලිපිය රැස පුවත්පතෙහි පල වූවකි. රැස දිනපතා පුවත්පත ඔබේ දෝතට පිදෙන සාර සංග්‍රහයකි) ලූල්ලු ගැන කියෙව්වම කන්ඩ ආස හිතිලා ලූල් පතයෙක් හොය හොයා හිටි මහනුවර ඉන්දික පොල්කොටුව උන්නැහේට ලූලෙක් හොයා දෙන්ඩ මෙදා පොටේ පදියතලාව පැත්තෙන් ගෑටෙවුවට කොරලියි බට්ටොයි ඇරෙන්ඩ උන් හිටියෙ නැහැ නොවැ. මොකදෑ ඕං රජ මාවතෙන් ආව නම් ලූලා මල්ලෙ. මල්ල කරේ. වැව් මාලුන්ට වෙල් මාලු කියව්වෙ ඇයි දන්නවද? අද වාගෙ ඉස්සර කුඹුරුවලට වෛවාරන්න තෙල් පොහොර ගැහුවෙ නැති කොට අමුණෙන් වැවෙන් ගනිපු වතුරත් එක්කලා පීනා ආපු මාලු පැට්ටො ගොයම එක්කම දැඩිමේනි වුණා. උන්නෙන් ගොයියට ආසානාසියක් වුණෙත් නෑ. ගොයමට වින කටින කෘමි සත්තු හු ඟ ක් මාලුන්නෙ බඩෙන් වැලිගම් ගියා. ඉතිං කුඹුරු පැහෙන්ඩ ඉස්සර වෙලා ලියැදිවල වතුර බස්ස අස් කරන්ඩ ගත්තම වියැට ගෙඩිය ගෙට ගන්ඩ කලිම්ම ගොයියට මාලු අස්සැන්න හම්බු වුණා. මට පරණ උන්දැලා කියලා තියෙනවා සමහර කුඹුරුවල කටු පෙතියො, බට්ටො, මිරිගල්ලු, වැලිගොයියො, ම ඟ ුරො අරුං මෙවුං ගෝනිය දෙක අහුවුණා කියලා. එයාකාර මාලු මලු පිරුණම ගමේ උන්ටත් ඩිංගක් දුන්නා. ඉතිරියත් බිතිරියක් දුම් ගහලා වේලා ගත්තා. ඒවා තමයි මාලුවක් පින්නක් ඒදද්දි

ලූලා ගනිල්ලා වලපත තබාලා

අපි ඉතිං ගම්වල මිනිස්සු වෙච්චි කොට කවුරුහරි කන්ඩ බොන්ඩ දීලා තිබ්බොත් ආයෙ ඒකෙ නම්බුව අමතක කරන්ඩ හිතන්නෙ නෑ ඕං මළගම් යන දොහ වෙනකම්ම සිහියක් පතක් ඇතුං ඉන්නවා නම්. උහ මිටි මොන මට්ටමෙත් මනුස්සයො ආස්සරය කරන්ඩ යාලුකම් පවත්තන්ඩ පුලුවන් වෙච්ච හින්දම මට යාලු මාලු කාරයෙක් ඉන්නවා හ ඳ පානාගලින්, ලුණුගම්වෙහෙරෙන් නැත්තං වෙහෙරගලින් වැව් මාලු ඇන්න ඇවිත් පාර අද්දර තියාගෙන විකුණන. තෙලියෙක්, පෙතියෙක්, ගොඩයෙක් නෙමෙයි වැලිගොව්වෙක්, ලූලෙක්, වලපොත්තෙක් එහෙම පෙට්ටියෙ බුදියගෙන හිටියොත් සල්ලි පස්සෙ දුන්නත් කමක් නෑ මේකට පදමට ලුණු මිරිස් දාලා සළකන්ඩ කියලා ඔතලා දෙනවා. ලූලා දෙන්නෙම ඇ ඟ ලේ වඩනවා කියලනෙ. මං බොහෝම පුංචි සාවියෙ හ ඳ පානාගල වැවේ මාලු බණ්ඩාරවෙල පොළට ගෙනාපු මනුස්සයෙක් හිටියා දයාරත්න මාමා කියලා. උන්දැයි අපේ තාත්තයි ගජ යාලුවො. එක අතකට එව්ව බෝතල් යාලුකම් වුණාට ඒකෙන් කිසිම අසානාසියක් වුණේ නෑ. රා අරක්කු බිව්වට උන්දැලා මනුස්සකම්වලට ආලවන්තකම් පෑවා. ඉතිං මෙවුන්දැත් ලූල් පතයෙක් හෙම බයිසිකල් පෙට්ටියේ හිටියොත් ඇරං පලයං පුතා කියලා දෙන පුරුද්දක් තිබ්බා. පස්සෙ කාලෙක ලූල් වරල් කතුරෙන් කපාලා අමුතු පහේ ආලවට්ටම් දාන මනු

තම්බ දිය ඇරලා කොස් දළු පිහාපියෝ

මයෙ අම්මට බුදු බව අත්වෙන්ඩ ඕන ඇස්දෙක පාදලා මොනව හරි ලියන්ඩ පාර පෙන්නුවට. ඒ විතරක් නෙවෙයි බඩසයින් ඉන්ඩ වෙන්නෙ නැති තරමට උයා පිහා ගන්ඩ කියලා දුන්නට. හෙනං එතකොට තාත්තා අමතක වෙන්නෙ නැහැ උන්දැ තමයි වේලක් ගාණෙ බත නැත්තං වෙන මොනව නමුත් තම්බගෙන කන්ඩ හරි ගැස්සුවෙ. මං මෙහෙම කිවුවම කයෙ නමුත් ඇස් තෙත් වෙන්ඩ ඉඩයි මනුස්සකම් දන්නවනම්. මේ ලිවුම් පංගු අයිති කවුරු නමුත් ඒ මනුස්ස වේදනාව මා එක්කලා බෙදාහදා ගන්නවා නම් මං මනාපයි. මොකදෑ ඉතිං අපේ කෑම සංස්කෘතිය අස්සෙ හැංගිලා වැලලෙන්ඩ නොදී මෙව්ව ලියා තියන්නෙ ඔය ඇත්තන්ඩත් පිං සිද්ධ වෙන්ඩ නෙව. කයෙ කී දෙනෙක්ගෙ දැනුමද මේ. ඉතිං ආයෙ වංගියක් කියන්නෙ මෙව්වා කියෝනවා නම් අල පරිප්පු විතරක් තම්බා කන්නෙ නැතුං ඩිංගිත්තක් වෙනස් විදිහට හිතලා ඉවිල්ලක් පිවිල්ලක් කර ගන්ඩ තැනුවොත් හො ඳ යි. හා එතකොට අර තග්ගෙඩි ගැන ලිවුවම එව්වා කාලා දන්න මතක උන්දැලා කිව්වා ආයෙත් උයාගෙන කන්ඩ හිතෙනවා කියලා. ඉතිං ඒකනෙ වෙන්ඩ ඕන.  මේ දෙතුන් දොහකට ඉස්සර අපේ බලංගොඩ ගෙදර ඉස්සරහ ගෙදර නැන්දම්මා කියනවා මහත්තයට අපේ විමලා නංගි මුලිච්චි කරන්ඩ හිතාන ඉන්නෙ මං කියලා. ඇයි ඇහුවම උන්දෑ දන්න පරණ ඉවුම් කරුම