Skip to main content

බතක වත




අර කාත්තන්කුඩියෙ මහ පල්ලියෙ මහ බුරියානි බත ගැන ලියාලා ඒ විදියට නැතත් පාසු වෙන විදියකට බුරියානි හදාගන්න හැටිත් ලියව්වා නෙව පහුණු සුමානේ. ඊට පස්සෙන් පහු ඒ සම්මෙට උයාගත්ත ඇත්තොත් කතා කරලා පංකාදුයි කිව්වා. ඔයි අතරෙ තමයි මං දැක්කෙ කසුන් පුස්සෙවෙල මලයා අමුතු බතක් උයාගෙන කාලා ඒකෙ පින්තූර ඇන්න මුහුණු පොතේ අලවලා තිබ්බා. උන්දැගෙ වට්ටෝරුවේ පෙනුමෙ හැටියට නං ආයෙ කියන්ඩ කාරණා දෙකක් නෑ රස වෙන්ඩම ඕනි. ඒ අව් අස්සෙ අපේ තව ඇත්තෙක් කුකුළු මස් දමාලා උයාපු බුරියානි බතක් කන්ඩ සූකර මසක් උයාගෙන තිබ්බා කලුවට හාල් පොල් කලුවෙන්ඩ බැදලා කුඩු කරලා එව්වා දමාලා. හා ඉතිං මේ බුරියානි නං ඉත්තේරුවෙම්ම කියන්ඩ ඇහැක අරාබි කරෙන් ආපු පස්සෙ අපේ වෙච්ච මරක්කල උන්දැලා අුන්නලා දීපු  කෑමක් කියලා. අපේ මැලේවරු ළත් මේ වාගේ අමුතු බත් තියෙනවා. එව්වට සමහරු නාසිගුරාන්ග් නැත්තං නාසිගුරානි කියලා කිව්වට හැබෑ නාසිගුරානි මං කෑවෙ ඉන්දුනීසියාවෙ ජකර්තා නුවරදි. ඒ වචනෙත් තේරුම කුලු බඩු දාලා හදාපු බත කියන එක වාගෙ මට මතක. මං වැරදි නං පෙන්නලා දෙන්ඩ හොයි. හැබැයි ඉතිං දැන් අපේ උන්නැහේලා හන්දියක් හන්දියක් ගාණෙ ඇරගෙන හැකරැල්ලො වාගෙ සත්තු ඉන්න බෝඩ් ලෑලිත් එල්ලාන ඉන්න කඩවල තියෙන්නෙ චයිනීස් ෆ්‍රයිඩ් රයිස් කියලා ජාතියක්. එව්වා හදන්නෙ රසකාරක දාලා මිසක්ක හැබෑ රසක් එන්ඩ කුලුබඩු පදමට දාලා නෙවෙයි. හැබැයි ටික දොහක් චීනෙ කරක් ගහලා ආව අපේ  දියතලාව ඉසිපිරිතාලෙ දැන් ඉන්න මහ දොස්තර දසනායක මහත්තයා කිව්වා ඔය කියන ජාතියෙ බත් බැදිල්ලක් චීනෙ නැතිය කියලා. අමුතු පහේ බත් චීන්නු කෑවට ඒ මේ අපේ උන් සවිද ලුණු වාගේ කුඩක් ඉහලා හදන එකක් නෙවෙයි ඕං. හා ඉතිං දැන් මං මේ කියන්ඩ තැනුවෙ අපේ ගම්රටවල මිනිස්සුත් නිකම්ම බත් කෑවා නෙවෙයි එක එක පන්නෙට බත් කන්ඩ දැන උන්නා කියලා.
ඔය අල්ල පනල්ලෙ තෛපොංගල් උත්සව කාලෙට දෙමළ මනුස්සයො හදලා බෙදන පොංගල් බතේ රහත් මතක් වුණා කියන්ඩකො. ඒකට කඩල, මුං ඇට, හකුරු, වේලිච්ච මිදි, රට ඉි එහෙමත් දාලා අප්පේ රහ. ඉතිං නිකම්ම කිරිබත් කන්නෙ නැතුං ඒ වාගෙ බතක් හැදුවොත් කාගෙ කාගෙත් දරු මල්ලො කන්ඩ මනාප වෙයි. දවසක්දා මං අපේ අශෝකන් එක්ක පිටරත්මලේට යද්දි කාලි කෝවිලක පොංගල් එක්කම කාඩි බතක් බෙදුවා. ඒකට එක්කාසු කරලා තිබ්බෙ මිරිස්, රතු ලූනු, ඇඹුල් ජාති එහෙම. රහ ටිකක් කටුකයි. අපි ඉතිං කිරිබත් කද්දි මුං ඇට එහෙම දාලා උයා ගන්නවානෙ.
ඒ වාගෙ ඇට බත් ජාති ගොඩක් ඌවෙ තිබ්බා. ඉරුං බත, කොල්ලු බත විතරක් නෙවෙයි පමණක් උදවිය බොංචි ඇට දාලාත් බත් උයාගත්තා. මේව්වා මෙහෙම ඉව්වෙ වෙනසකටම  නෙවෙයි පිරිමහගන්ඩත් එක්ක. දරු රෑන් ඉන්න පවුල්වල ඇත්තො වේල පිරිමහ ගත්තෙ බතෙම්ම නෙවෙයි. බත් කද්දිත් තව මොනා හරි මුහු කරගන්ඩ තිබ්බනම් අහක බැලුවෙ නෑ. හැබැයි ඒකෙ කිසි දොසක් නෑ ගුණක් මිස. ඇයි ඉතිං කළවම් කරන ජාතිවල වෙනම රහක් ගුණක් තිබ්බනෙ. මුං ඇටයි පැණියි පොල්කිරියි දාලා හදාපු කිවාඩි බත් විතරක් නෙවෙයි ඇල් කැකුළු බතට මී කිරි හරි නැවුං කිතුල් පැණි හරි දාලා කන සිරිතකුත් තිබ්බනෙ. දං කුඩෙන් කාපු දිය බත ගැන මෙයින් ඉස්සර කිව්වා මයෙ හිතේ. ඔය දං කුඩේම කුඩු කරලා පොල් කිරියි පැණියි දාලා රත් කරලත් කන්ඩ පුලුවන්. අපේ අම්මලා හීලි බතට මිරිස්, ලූනු, තක්කාලි, ලුණු දාලා තෙම්පරාදු කරලත් දුන්නා. එව්වා කඩේ ෆ්‍රයිඩ් රයිස්වලට වැඩිය රහයි. ඉස්සර උන්දැලා කාපු දුන්තෙල් බත් ගැනත් මී තෙල් බත් ගැනත් අද හිට කතා කරන්නෙ උජාරුවෙන්. ඇත්ත නේන්නං ගිතෙල් දාලා උයාපු බත රාජ භෝජනයක්. කහ ඩිංගක් දාලා උයන බත පස්සෙ ගිතෙල් රත් වෙද්දි ලූනු කරපිංචා එහෙම තෙම්පරාදු වෙන්ඩ ඇරලා ඒකට කළවම් කරලා හදාගන්නත් පුලුවන්. බත උයද්දිම ගිතෙලේ සුව කුලුබඩු එව්වා මෙව්වා තෙම්පරාදු කරලා ඒකට හාල් දාලා උයා ගන්ඩත් පුලුවන්. ඒක හරියට අර මොංගෝලියාවෙත් තියෙන අපේ සුනිල් අයියා අසර්බයිජානෙදි කාපු පිලාෆ් රයිස් වගේ විදිහක්.  ඉතිං ඔය පුරාණ පොත්වල තියෙන්නෙ මොනර මස් මුහු කරලා ගිතෙලින් තෙම්පරාදු කරගත්ත රත්ඇල් හාලෙ බත් ගැන. රස බත්, ඇඹුලු බත්, පැහි බත් කියලා ඒ වාගෙ ජාති ගොඩක් ගැන පුරාණ කතා තියෙනවා. රස බත් කියලා තියෙන්නෙ මස් දාලා උයාපු බත්වලට. කාඩි නැත්තං ඇඹුලු ජාති දාලා උයන බත තවත් එකක්. පැහි බත එළවලු වර්ග එහෙමත් දාලා තෙම්පරාදු කරගත්ත එකක්. මෙහෙම බැලුවම හිතෙන්නෙ නැද්ද ආයිබෝං චයිනීස් වෙන්ඩ කලිං අපිටත් ජාති බත් වරිග තිබිලා කියලා. හැබැයි එව්වට අර කුඩු අහුරු පිටිං දාලා නෑ. හා මං කියන්ඩද රහසක්. ෆ්‍රයිඩ් රයිස් ගෙදරම හදාගන්ඩ. අහවල් කුඩ දාන්ඩ ඔනැන්නෙ නෑ ඔය සමහරු වාගෙ සුප් කැටවත්. ඒ රහ සොබාවිකව හැදෙනවා ඉඟුරුයි, සුදු ලූනුයි, කරපිංචයි සමොසමේ අඹරලා හදාගන්න තලපෙ තෙම්පරාදුවට දැම්මම.

ලසන්ත ද සිල්වා   

Comments

Popular posts from this blog

තම්බ දිය ඇරලා කොස් දළු පිහාපියෝ

මයෙ අම්මට බුදු බව අත්වෙන්ඩ ඕන ඇස්දෙක පාදලා මොනව හරි ලියන්ඩ පාර පෙන්නුවට. ඒ විතරක් නෙවෙයි බඩසයින් ඉන්ඩ වෙන්නෙ නැති තරමට උයා පිහා ගන්ඩ කියලා දුන්නට. හෙනං එතකොට තාත්තා අමතක වෙන්නෙ නැහැ උන්දැ තමයි වේලක් ගාණෙ බත නැත්තං වෙන මොනව නමුත් තම්බගෙන කන්ඩ හරි ගැස්සුවෙ. මං මෙහෙම කිවුවම කයෙ නමුත් ඇස් තෙත් වෙන්ඩ ඉඩයි මනුස්සකම් දන්නවනම්. මේ ලිවුම් පංගු අයිති කවුරු නමුත් ඒ මනුස්ස වේදනාව මා එක්කලා බෙදාහදා ගන්නවා නම් මං මනාපයි. මොකදෑ ඉතිං අපේ කෑම සංස්කෘතිය අස්සෙ හැංගිලා වැලලෙන්ඩ නොදී මෙව්ව ලියා තියන්නෙ ඔය ඇත්තන්ඩත් පිං සිද්ධ වෙන්ඩ නෙව. කයෙ කී දෙනෙක්ගෙ දැනුමද මේ. ඉතිං ආයෙ වංගියක් කියන්නෙ මෙව්වා කියෝනවා නම් අල පරිප්පු විතරක් තම්බා කන්නෙ නැතුං ඩිංගිත්තක් වෙනස් විදිහට හිතලා ඉවිල්ලක් පිවිල්ලක් කර ගන්ඩ තැනුවොත් හො ඳ යි. හා එතකොට අර තග්ගෙඩි ගැන ලිවුවම එව්වා කාලා දන්න මතක උන්දැලා කිව්වා ආයෙත් උයාගෙන කන්ඩ හිතෙනවා කියලා. ඉතිං ඒකනෙ වෙන්ඩ ඕන.  මේ දෙතුන් දොහකට ඉස්සර අපේ බලංගොඩ ගෙදර ඉස්සරහ ගෙදර නැන්දම්මා කියනවා මහත්තයට අපේ විමලා නංගි මුලිච්චි කරන්ඩ හිතාන ඉන්නෙ මං කියලා. ඇයි ඇහුවම උන්දෑ දන්න පරණ ඉවුම් කරුම

ලූලා ගනිල්ලා වලපත තබාලා

අපි ඉතිං ගම්වල මිනිස්සු වෙච්චි කොට කවුරුහරි කන්ඩ බොන්ඩ දීලා තිබ්බොත් ආයෙ ඒකෙ නම්බුව අමතක කරන්ඩ හිතන්නෙ නෑ ඕං මළගම් යන දොහ වෙනකම්ම සිහියක් පතක් ඇතුං ඉන්නවා නම්. උහ මිටි මොන මට්ටමෙත් මනුස්සයො ආස්සරය කරන්ඩ යාලුකම් පවත්තන්ඩ පුලුවන් වෙච්ච හින්දම මට යාලු මාලු කාරයෙක් ඉන්නවා හ ඳ පානාගලින්, ලුණුගම්වෙහෙරෙන් නැත්තං වෙහෙරගලින් වැව් මාලු ඇන්න ඇවිත් පාර අද්දර තියාගෙන විකුණන. තෙලියෙක්, පෙතියෙක්, ගොඩයෙක් නෙමෙයි වැලිගොව්වෙක්, ලූලෙක්, වලපොත්තෙක් එහෙම පෙට්ටියෙ බුදියගෙන හිටියොත් සල්ලි පස්සෙ දුන්නත් කමක් නෑ මේකට පදමට ලුණු මිරිස් දාලා සළකන්ඩ කියලා ඔතලා දෙනවා. ලූලා දෙන්නෙම ඇ ඟ ලේ වඩනවා කියලනෙ. මං බොහෝම පුංචි සාවියෙ හ ඳ පානාගල වැවේ මාලු බණ්ඩාරවෙල පොළට ගෙනාපු මනුස්සයෙක් හිටියා දයාරත්න මාමා කියලා. උන්දැයි අපේ තාත්තයි ගජ යාලුවො. එක අතකට එව්ව බෝතල් යාලුකම් වුණාට ඒකෙන් කිසිම අසානාසියක් වුණේ නෑ. රා අරක්කු බිව්වට උන්දැලා මනුස්සකම්වලට ආලවන්තකම් පෑවා. ඉතිං මෙවුන්දැත් ලූල් පතයෙක් හෙම බයිසිකල් පෙට්ටියේ හිටියොත් ඇරං පලයං පුතා කියලා දෙන පුරුද්දක් තිබ්බා. පස්සෙ කාලෙක ලූල් වරල් කතුරෙන් කපාලා අමුතු පහේ ආලවට්ටම් දාන මනු

ඔබ එනකම් පාසිකුඩාව

(මෙවැනි ලිපි කියවන්න සතිපතා අනිද්දා පත්තරෙන්) අබේනායක ධනපාල ඉපදුණේ පදියතලාවෙ. ඉස්කෝලෙ ගියෙත් පදියතලාවෙ. හරියටම ඒ අවුරුද්ද මතක නැති වුණත් පස්සෙ කාලෙක මිනිස්සු කතා කරපු දේවල් අහගෙන හිටපු හින්දා හිතේ තැම්පත් වුණා ජේ. ආර් අලුත් ආණ්ඩුවක් හදාපු අවුරුද්දෙ තමුන්නෙ ඉරණම වෙනස් අතකට පෙරලෙන්න ඇති කියලා. අවුරුදු හතක් වෙච්ච දෙකේ පංතියට පාස් වුණු කොල්ලෙක් ඉස්කෝලෙ ඇරිලා එද්දි බිබිල පොළට ගිහින් කෙසෙල් ඇරගෙන මරක්කල මිනිස්සු ඉන්න පැත්තට පදින ලොරියක් නවත්තලා නැගපං කිවුවෙ ඇයි කියන්න ධනපාල අදටත් දන්නෙ නෑ. සමහරවිට කවදාවත් කෙසෙල් තියා වෙන මොනවහරි පටවපු ලොරියක නැ ඟ ලා දුරක ගිහින් නැති ධනපාල එදා ඒ ලොරියට නැග්ගම එක්කාසු කරගෙන ආපු ලොරි කාරයො දැන් ඉතිං බැහැපං කිවුවෙ චෙන්කල්අඩිවලදී. පොත් ටිකත් තියාගෙන චෙන්කල්අඩි පාර අද්දර බයේ ගැහි ගැහී හිටපු ධනපාලගෙ විස්තර අහලා දැන් ඉතිං මොනව කරන්නද මා එක්ක යමං කිව්වෙ තවත් මරක්කල මනුස්සයෙක්. ඒ ගමන ඇවිත් නැවතුණේ වාලච්චේනෙ. උන්දැගෙ ගෙදර. එදා ඉ ඳහිට  ධනපාල කුඹුරු වැඩට උදව් වුණා. හරක් එළුවො බැලුවා. ඒ ගෙදර මනුස්සයගෙ දුව ෆරීඩා ධනපාලගෙ තනි නොතනියට හිටියා. පස්සෙන් පහු දෙන්නගෙ හිත්