Skip to main content

ලූලා ගනිල්ලා වලපත තබාලා



අපි ඉතිං ගම්වල මිනිස්සු වෙච්චි කොට කවුරුහරි කන්ඩ බොන්ඩ දීලා තිබ්බොත් ආයෙ ඒකෙ නම්බුව අමතක කරන්ඩ හිතන්නෙ නෑ ඕං මළගම් යන දොහ වෙනකම්ම සිහියක් පතක් ඇතුං ඉන්නවා නම්. උහ මිටි මොන මට්ටමෙත් මනුස්සයො ආස්සරය කරන්ඩ යාලුකම් පවත්තන්ඩ පුලුවන් වෙච්ච හින්දම මට යාලු මාලු කාරයෙක් ඉන්නවා හපානාගලින්, ලුණුගම්වෙහෙරෙන් නැත්තං වෙහෙරගලින් වැව් මාලු ඇන්න ඇවිත් පාර අද්දර තියාගෙන විකුණන. තෙලියෙක්, පෙතියෙක්, ගොඩයෙක් නෙමෙයි වැලිගොව්වෙක්, ලූලෙක්, වලපොත්තෙක් එහෙම පෙට්ටියෙ බුදියගෙන හිටියොත් සල්ලි පස්සෙ දුන්නත් කමක් නෑ මේකට පදමට ලුණු මිරිස් දාලා සළකන්ඩ කියලා ඔතලා දෙනවා. ලූලා දෙන්නෙම ඇ ලේ වඩනවා කියලනෙ. මං බොහෝම පුංචි සාවියෙ හපානාගල වැවේ මාලු බණ්ඩාරවෙල පොළට ගෙනාපු මනුස්සයෙක් හිටියා දයාරත්න මාමා කියලා. උන්දැයි අපේ තාත්තයි ගජ යාලුවො. එක අතකට එව්ව බෝතල් යාලුකම් වුණාට ඒකෙන් කිසිම අසානාසියක් වුණේ නෑ. රා අරක්කු බිව්වට උන්දැලා මනුස්සකම්වලට ආලවන්තකම් පෑවා. ඉතිං මෙවුන්දැත් ලූල් පතයෙක් හෙම බයිසිකල් පෙට්ටියේ හිටියොත් ඇරං පලයං පුතා කියලා දෙන පුරුද්දක් තිබ්බා. පස්සෙ කාලෙක ලූල් වරල් කතුරෙන් කපාලා අමුතු පහේ ආලවට්ටම් දාන මනුස්සයෙක් මට මුලිච්චි වුණේ බුත්තලදී. ඊටත් පහුකාලෙක දුම් ගහපු ලූල්ලු කන්ඩයි ගේන්ඩයි හම්බ වුණේ ඉිනියාගලෙන් නැත්තං බලහරුවෙන්. ලූල්ලු විතරක් නෙවෙයි කැටලො, රෝගුවෝ එහෙමත් මැහි උඩ බුදි කරලා යටිං ගිනි අුරු දාලා පැලහෙන්ඩ ඇරලා දුම් කරෝල හදාගත්ත. ඔය දුම් කරෝල රහ කිරි හොද්දට හැදුවම. එච්චරක්යෑ උම්බලකඩ වාගෙ එහෙම්ම කෑ හැකි. ලූලත්, ආාත් දෙන්නම ලිස්සලා යන්ඩ හපන්නු වුණාට ලූලා මාලු ඉරට්ටෙන් කන්ඩ වුවමනාවක් නෑ. වැව් දියට රජ්ජුරු වෙච්ච ලූල් පතයි කිරි දෙන බවලත් උදවියට ගුණයි කියලනෙ කියන්නෙ. කිරි එරිල්ල කෙසේ වෙතත් ඔය ලොග්ගලා ඔය පැත්තෙ ගියාම ලූලෙක් උස්සාගෙන එන්ඩ පුලුවන්නම් මං ඕ අතාරින්නෙ නෑ. හා ඉතිං දැං මේ ලිවිල්ල මේසෙ උඩ දිග ඇරගෙන කියවන ජයසිරියි පත්තර කන්තෝරුවෙ නදියයි දෙන්නගෙත් දිව නලියන ලූල්ලු ඉවිල්ලක් ගැන කියන්ඩ හදන්නෙ. මේකනං රජෝ එසේ මෙසේ ඉවිල්ලක් නෙවෙයි රාජ භෝජනයක්.


මේකට ඉතිං ඔනැන්නෙ හොවයින් ලූල් පතයෙක්. මං කිව්වා නෙව ලූලා ලිස්සනව කියාලා එහින්දා පරෙස්සමට කොරපොතු එහෙම ඇරලා බඩ ඔලුව පහළින් පළලා බඩවැල්, කරමල එහෙම අහක් කරගන්ඩ ඕනෑ. එයින් පස්සෙ ඒකගෙ වරලුත් කපාලා අයින් කරගෙන හෝදලා කාරිය දික් අතට පැලුම් ඉරි හදා ගන්නවා. දැන් ලූලාගෙ බඩ ඇතුළට  සාත්තුවක් කරනවා. කොත්තමල්ලි අසමෝදගම් එක්ක ලුණු ඇඹුල් අඹරාගෙන ඔබල අතුල්ලන එකයි සාත්තුව. එයිට පස්සෙ මිරිස්, සුදුලූනු, තුනපහ එකට අඹරාගෙන ලූලගෙ පිට පැත්තෙ තියෙන අර දික් කැපුම් ඉරිවලට කා බහින්න අතුල්ලගන්නවා. මෙව්වා ගන්ඩ ඔනැන්නෙ කොච්චරයිද කියලා ඔය ඇත්තන්ඩම හිතාගන්ඩ පුලුවන් වෙයි ලුලගෙ හැටියට. ආයෙ ඉතිං ලූලො එක අච්චුවකට හැදිලා ඉන්න එකක්යැ. හා ඊටපස්සෙ තියෙන්නෙ මේකා දුමත් අලුත් නැති අුරෙ පැත්ත දෙපැත්ත දාලා පලහා ගන්න එක. වැඩිය හොයි අුරු උඩ යකඩ දැලක් තබාලා ඒ මත්තෙ මාලුවා තියලා පලහ ගත්තනං. මේකා පැලහෙද්දි හො පුසුඹක් එයි. ආං ඒ වෙලාවට ගැඹුරු තෙල් ඇතිලියකට දාලා බැගන්ඩ වෙනවා. ඉස්සරනං එළි තෙලේ බැද්දා කියලයි කියන්නෙ. අද කාලෙ එළිතෙල් කෑම ඒතරම්ම බැවැහැරේ නැති හින්දා කන තෙලක බැදගත්තට කාරි නෑ. හැබැයි නියම රහ අර විදිහට වෙන්ඩ ඇති. පමණට බැදුනා කියාලා පේනවානම් ආයෙ බාලා අඹරගත්ත ඉුරු සුදු ලූනු අර දික් කැපුම්වල තවරල අුරු උඩ තව සැරයක් ඩිංග වෙලාවක් පලහා ගන්නවා.  අන්තිමට දුරු මිරිස් කුඩු ටිකක් ආයෙම මාලුවා මත්තෙ ඉහළා තෙල් ඩිංගක් තවරපු තැටියක පැත්ත දෙපැත්ත දාලා යම්තම් බැ ගන්නවා. කටට කෙළ උනන කෑමක් වාගෙ වුණාට හදාගන්ඩ නම් ටිකක් වෙලා යනවා වාගෙ නේද? කාපු ඇත්තන්ට නං කාරි නෑ. මොකදෑ උන්දැ රජ්ජුරුවොනෙ. මං ඒකයි කීවෙ මේක එසේ මෙසේ කෑමක් නෙමෙයි කියාලා. පුලුවන්නම් ඉතිං ලූලෙකුට මේ සාත්තුව දෙන්ඩ වෑයම් කෙරුවට කමක් නෑ.
අපේ පස්සර සුනිල් අයිය රුසියාවේ ඇවිද්ද පය කියලා පොතක් ලිවුව හාදයෙක්නෙ. උන්දැ අසර්බයිජානෙ බාකු නුවර ඉන්න කාලෙ මැදට මස් පුරවලා උයාපු ලොකු බටු ගෙඩි කෑමට ලැබුණා කියනවානෙ. බටුවලින් නං රහ කුඹල්වෙල හැදෙන ලේන් ඉරි බටු. තව කොළපාට ජාතියක් තියෙනවා ගලගෙදර බටු කියලා. හා ලොකු ලේන් ඉරි බටු හම්බුණොත් මසක් පුරවාල උයාගන්න. මෙහෙමයි කරන්ඩ ඕනි. ලුණු ඇඹුල් ටිකක් දාපු නටන වතුරක ඩිංග වෙලාවක් බටු ගෙඩි දාලා එබෙන ගාණට නැට්ට පිටින් තම්බ ගන්නවා. ඔය අතරෙ කැමති මසක් කටු අයින් කරලා තම්බලා දුරු මිරිස් සුදු ලූනු පහේ ලුණු එක්ක තලපයක් වාගෙ අඹරා ගන්නවා. කැමති නම් තම්බපු අල ටිකකුත් එක්කම අඹරා ගන්ඩ. හා දැන් තැම්බිච්ච බටු හීන් පිහියකින් පැත්තෙන් පලලා ඇතුළෙ ඉඩ හදාගෙන අර මස් ඇඹරුම ඒ අස්සට පුරාගෙන එළියට නේන්ඩ ඉරට්ටක්වත් ගහලා කෙහෙල් කොළයක් එළාපු කඩපිම්මක තම්බා ගන්නවා. හා ඉනුවා නේද කටට කෙළ.

ලසන්ත ද සිල්වා 

Comments

Popular posts from this blog

තම්බ දිය ඇරලා කොස් දළු පිහාපියෝ

මයෙ අම්මට බුදු බව අත්වෙන්ඩ ඕන ඇස්දෙක පාදලා මොනව හරි ලියන්ඩ පාර පෙන්නුවට. ඒ විතරක් නෙවෙයි බඩසයින් ඉන්ඩ වෙන්නෙ නැති තරමට උයා පිහා ගන්ඩ කියලා දුන්නට. හෙනං එතකොට තාත්තා අමතක වෙන්නෙ නැහැ උන්දැ තමයි වේලක් ගාණෙ බත නැත්තං වෙන මොනව නමුත් තම්බගෙන කන්ඩ හරි ගැස්සුවෙ. මං මෙහෙම කිවුවම කයෙ නමුත් ඇස් තෙත් වෙන්ඩ ඉඩයි මනුස්සකම් දන්නවනම්. මේ ලිවුම් පංගු අයිති කවුරු නමුත් ඒ මනුස්ස වේදනාව මා එක්කලා බෙදාහදා ගන්නවා නම් මං මනාපයි. මොකදෑ ඉතිං අපේ කෑම සංස්කෘතිය අස්සෙ හැංගිලා වැලලෙන්ඩ නොදී මෙව්ව ලියා තියන්නෙ ඔය ඇත්තන්ඩත් පිං සිද්ධ වෙන්ඩ නෙව. කයෙ කී දෙනෙක්ගෙ දැනුමද මේ. ඉතිං ආයෙ වංගියක් කියන්නෙ මෙව්වා කියෝනවා නම් අල පරිප්පු විතරක් තම්බා කන්නෙ නැතුං ඩිංගිත්තක් වෙනස් විදිහට හිතලා ඉවිල්ලක් පිවිල්ලක් කර ගන්ඩ තැනුවොත් හො ඳ යි. හා එතකොට අර තග්ගෙඩි ගැන ලිවුවම එව්වා කාලා දන්න මතක උන්දැලා කිව්වා ආයෙත් උයාගෙන කන්ඩ හිතෙනවා කියලා. ඉතිං ඒකනෙ වෙන්ඩ ඕන.  මේ දෙතුන් දොහකට ඉස්සර අපේ බලංගොඩ ගෙදර ඉස්සරහ ගෙදර නැන්දම්මා කියනවා මහත්තයට අපේ විමලා නංගි මුලිච්චි කරන්ඩ හිතාන ඉන්නෙ මං කියලා. ඇයි ඇහුවම උන්දෑ දන්න පරණ ඉවුම් කරුම

ඔබ එනකම් පාසිකුඩාව

(මෙවැනි ලිපි කියවන්න සතිපතා අනිද්දා පත්තරෙන්) අබේනායක ධනපාල ඉපදුණේ පදියතලාවෙ. ඉස්කෝලෙ ගියෙත් පදියතලාවෙ. හරියටම ඒ අවුරුද්ද මතක නැති වුණත් පස්සෙ කාලෙක මිනිස්සු කතා කරපු දේවල් අහගෙන හිටපු හින්දා හිතේ තැම්පත් වුණා ජේ. ආර් අලුත් ආණ්ඩුවක් හදාපු අවුරුද්දෙ තමුන්නෙ ඉරණම වෙනස් අතකට පෙරලෙන්න ඇති කියලා. අවුරුදු හතක් වෙච්ච දෙකේ පංතියට පාස් වුණු කොල්ලෙක් ඉස්කෝලෙ ඇරිලා එද්දි බිබිල පොළට ගිහින් කෙසෙල් ඇරගෙන මරක්කල මිනිස්සු ඉන්න පැත්තට පදින ලොරියක් නවත්තලා නැගපං කිවුවෙ ඇයි කියන්න ධනපාල අදටත් දන්නෙ නෑ. සමහරවිට කවදාවත් කෙසෙල් තියා වෙන මොනවහරි පටවපු ලොරියක නැ ඟ ලා දුරක ගිහින් නැති ධනපාල එදා ඒ ලොරියට නැග්ගම එක්කාසු කරගෙන ආපු ලොරි කාරයො දැන් ඉතිං බැහැපං කිවුවෙ චෙන්කල්අඩිවලදී. පොත් ටිකත් තියාගෙන චෙන්කල්අඩි පාර අද්දර බයේ ගැහි ගැහී හිටපු ධනපාලගෙ විස්තර අහලා දැන් ඉතිං මොනව කරන්නද මා එක්ක යමං කිව්වෙ තවත් මරක්කල මනුස්සයෙක්. ඒ ගමන ඇවිත් නැවතුණේ වාලච්චේනෙ. උන්දැගෙ ගෙදර. එදා ඉ ඳහිට  ධනපාල කුඹුරු වැඩට උදව් වුණා. හරක් එළුවො බැලුවා. ඒ ගෙදර මනුස්සයගෙ දුව ෆරීඩා ධනපාලගෙ තනි නොතනියට හිටියා. පස්සෙන් පහු දෙන්නගෙ හිත්