Skip to main content

කාත්තාන්කුඩියෙ බුරියානි


(මෙම ලිපිය රැස පුවත්පතෙහි පල වූවකි. රැස දිනපතා පුවත්පත ඔබේ දෝතට පිදෙන සාර සංග්‍රහයකි)

ලූල්ලු ගැන කියෙව්වම කන්ඩ ආස හිතිලා ලූල් පතයෙක් හොය හොයා හිටි මහනුවර ඉන්දික පොල්කොටුව උන්නැහේට ලූලෙක් හොයා දෙන්ඩ මෙදා පොටේ පදියතලාව පැත්තෙන් ගෑටෙවුවට කොරලියි බට්ටොයි ඇරෙන්ඩ උන් හිටියෙ නැහැ නොවැ. මොකදෑ ඕං රජ මාවතෙන් ආව නම් ලූලා මල්ලෙ. මල්ල කරේ. වැව් මාලුන්ට වෙල් මාලු කියව්වෙ ඇයි දන්නවද? අද වාගෙ ඉස්සර කුඹුරුවලට වෛවාරන්න තෙල් පොහොර ගැහුවෙ නැති කොට අමුණෙන් වැවෙන් ගනිපු වතුරත් එක්කලා පීනා ආපු මාලු පැට්ටො ගොයම එක්කම දැඩිමේනි වුණා. උන්නෙන් ගොයියට ආසානාසියක් වුණෙත් නෑ. ගොයමට වින කටින කෘමි සත්තු හුක් මාලුන්නෙ බඩෙන් වැලිගම් ගියා. ඉතිං කුඹුරු පැහෙන්ඩ ඉස්සර වෙලා ලියැදිවල වතුර බස්ස අස් කරන්ඩ ගත්තම වියැට ගෙඩිය ගෙට ගන්ඩ කලිම්ම ගොයියට මාලු අස්සැන්න හම්බු වුණා. මට පරණ උන්දැලා කියලා තියෙනවා සමහර කුඹුරුවල කටු පෙතියො, බට්ටො, මිරිගල්ලු, වැලිගොයියො, මුරො අරුං මෙවුං ගෝනිය දෙක අහුවුණා කියලා. එයාකාර මාලු මලු පිරුණම ගමේ උන්ටත් ඩිංගක් දුන්නා. ඉතිරියත් බිතිරියක් දුම් ගහලා වේලා ගත්තා. ඒවා තමයි මාලුවක් පින්නක් ඒදද්දි පිලිහුඩු විදියට මුහු කෙරුවෙ.
අපේ රටේ කෑම කලාවෙ හැඩ නිල බලන්ඩ නම් එයිබ මෙයිබ ගිහිල්ලා අල පරිප්පුම කන්නෙ නැතුං වෙනස් හොද්දක් වෑංජනයක් කාලා බලන්ඩම ඕනෑ. පහුණු දෙතුන් දොහ මඩකලපුව පැත්තෙ කරක් ගහද්දි මං කෑවා සැවුල් වෑංජනයක්. කිරි අප්පච්චියේ මං උන්නේ ඒකා හතරට පලලා උයන්ඩ ඇති කියාලා. ඒ තරම් ලොකු පලු. ඒකෙ වෙනස් රහට හේතුව තමයි එළිතෙල් දාලා උයාපු එක. නැගෙනහිර මූදු කරේ ඉවිලි ආර දෙකක් තියෙනවා. එකක් දෙමළ මිනිස්සුන්නෙ. අනික මුස්ලිම් මිනිස්සුන්නෙ. දෙමළ ඇත්තො කන කෑම අතරෙ තිබ්බ උප්පුමාත් විශේෂ කෑමක්. ඒක රුලං පිට්ටුවක් වාගෙනෙ. දවසක කියන්නම් රහට උයාගන්න විදිහ. මුස්ලිම් මිනිස්සුන්නෙ කෑම හුක් මස් මුහු වෙච්ච එව්වා. හිතේ හැටියට මස් කන්ඩ වුවමනා නම් යන්ඩ ඔනැන්නෙත් කාත්තන්කුඩි පැත්තට තමයි. මං හොයා බලපු විදියට ලංකාවෙ විතරක්ම තියෙන කෑමක් වෙච්ච කොත්තු හොයා ගත්තෙත් කාත්තන්කුඩි පැත්තෙ මිනිස්සු. උන්දැලා කන්ඩ දෙන්ඩ නම් ලෝබ නෑ. මොන කඩේට ගියත් අඩු ගාණට බත් කොරහක් දෙනවා අනෙක් අඩුම කුඩුමත් ලෝබ නැතිව දීසිවලට බෙදලා. කන්ඩ බලාගෙන නෙවෙයි ඕං මං වෙනිං වැඩකට යන අතරෙ ජුම්මා පල්ලියෙ බුරියානි කල්දේරම් පිටින් උයලා හරක් මස් එක්ක දෙන්ඩද ඇහුවා. ඒ පුසුඹට බෑ කියන්නෙ කොහොමද? බඩජාරිකම නෙවෙයි ආයිබෝන්ඩ මනුස්සයෙක් හොඳ හිතින් මොනවා හරි දෙන්ඩ තනද්දි ඒක එපා කියලා මූණට දමා ගහන සිරිතක් ගොඩේ එව්වො වෙච්ච අපිට නෑ නෙව. අනිත් එක මනුස්සයෙක් වෙච්ච මට මේකා අරකා කියලා වෙනසක් නැතුං මං කිව්වා හා හෙනම්මා කියලා. අපි දහදොළොස් දෙනෙක් ඒකෙන් බඩ පුරවා ගත්තා. බුරියානි උයන්ඩ නම් එවුන්දලෑ තරම් දස්ස කවුරුත් නැතුං ඇති. එව්වට ගිතෙලුත් දාලා. අර රජ්ජුරුවන්නෙ දුන් තෙල් බත වාගෙ. හැබැයි රජෝ නිතර බුරියානි කනවා නම් අර අපේ බණ්ඩාරවෙල ගම් ගොඩවල ඉබේම වාගෙ වැවෙන මිංචි ලුණු මිරිසකුත් කෑව නම් හොඳ වෙයි. මොකදෑ තෙල් නොවැ.
දැන් ඉතිං මේක කියෙව්වම බුරියානි කන්ඩ හිත නම් ලෑස්ති වෙන්ඩ මේං මෙහෙම. ගන්ඩ ඔනැත්තෙ බාස්මතී කිලෝ එකයි. කටු නැති හරක්, එළු හරි කුකුළු මස් පන්සීයයි. අර්තාපල් ගෙඩි දෙක තුනකුයි, කහ, මිරිස්, ලුණු, උළුහාල්, දෙහි, මී කිරි නැත්තං යෝගට්, තුනපහ ටිකක්, ගම්මිරිස්, එනසාල්, ඉඟුරු, කරාබු නැටි, කුරුඳු, සුදු ලූනු, රම්ප, කරපිංච, බොම්බයි ලූනු. දෙහි, එළඟිතෙල් හරි කන්ඩ කැමති තෙලක්. මුලිම්ම කරන්නෙ මස් ටික සෝදලා ඒකට කහ තේ හැඳි එකහමාරක්, මිරිස් තේ හැන්දක් ගම්මිරිසුත් එච්චර විතර දාලා අල ටිකත් කපලා එක්කහු කරලා උළුහාලුත් දාලා දෙහි ඇඹුල් මිරිකලා ලුණුත් දාලා තුනපහ තේ හැඳි දෙක හමාරක් එක්ක ටික වෙලාවක් පදම් වෙන්ඩ අරින එක. හා දැන් ඇතිලියට තෙල් ටිකක් දාලා රත්වෙනකම් සුදු ලූනු, ඉඟුරු, එනසාල්, කුරුඳු, රම්ප කරපිංච එකට තලාගෙන තෙල් රත් වීලා නං බැ‍දෙන්ඩ දාන එක. පුසුඹට බැදුනම අර මස් ටික ඒකට දාලා වහලා උයා ගන්නවා විනාඩි දහයක්. ඒ අතරෙ හාලුත් හෝදලා තියාගෙන. උයන ඇතිලියෙ රයිස් කුකර් එකේ වුණත් කාරි නෑ පල්ලට එළඟිතෙල් ටිකක් දාලා රත් වුණාම කපාගත්ත බොම්බයි ලූණු ගෙඩි තුන හතර බැදෙන්ඩ අරිනවා. හා දැන් ඒකට ඉවිලා අහවර වෙච්ච මස් එක්කහු කරනවා.
ඉනිබ්බෙ හාල් දාලා යෝගට් කෝප්පෙ හරි එවිතර මී කිරි හරි එක්කහු කරලා කැමතිනම් මුද්දරප්පලම් ටිකකුත් දාලා. මස් උයාපු ඇතිලිය හෝදාගත්ත වතුර ටිකම දාලා බත ඉදෙන්ඩ අරිනවා. දිය හිඳිලා බත හැතපෙද්දි කොත්තමල්ලි කොළ, මිංචි කොළ එක්ක කරාබු නැටි හරි කුරුඳු   කොළයක් දෙකක් උඩින් දමාලා තක්කාලි කොටු කපලා දාලා සරස ගන්නවා.

ලසන්ත ද සිල්වා
  
 


Comments

Popular posts from this blog

තම්බ දිය ඇරලා කොස් දළු පිහාපියෝ

මයෙ අම්මට බුදු බව අත්වෙන්ඩ ඕන ඇස්දෙක පාදලා මොනව හරි ලියන්ඩ පාර පෙන්නුවට. ඒ විතරක් නෙවෙයි බඩසයින් ඉන්ඩ වෙන්නෙ නැති තරමට උයා පිහා ගන්ඩ කියලා දුන්නට. හෙනං එතකොට තාත්තා අමතක වෙන්නෙ නැහැ උන්දැ තමයි වේලක් ගාණෙ බත නැත්තං වෙන මොනව නමුත් තම්බගෙන කන්ඩ හරි ගැස්සුවෙ. මං මෙහෙම කිවුවම කයෙ නමුත් ඇස් තෙත් වෙන්ඩ ඉඩයි මනුස්සකම් දන්නවනම්. මේ ලිවුම් පංගු අයිති කවුරු නමුත් ඒ මනුස්ස වේදනාව මා එක්කලා බෙදාහදා ගන්නවා නම් මං මනාපයි. මොකදෑ ඉතිං අපේ කෑම සංස්කෘතිය අස්සෙ හැංගිලා වැලලෙන්ඩ නොදී මෙව්ව ලියා තියන්නෙ ඔය ඇත්තන්ඩත් පිං සිද්ධ වෙන්ඩ නෙව. කයෙ කී දෙනෙක්ගෙ දැනුමද මේ. ඉතිං ආයෙ වංගියක් කියන්නෙ මෙව්වා කියෝනවා නම් අල පරිප්පු විතරක් තම්බා කන්නෙ නැතුං ඩිංගිත්තක් වෙනස් විදිහට හිතලා ඉවිල්ලක් පිවිල්ලක් කර ගන්ඩ තැනුවොත් හො ඳ යි. හා එතකොට අර තග්ගෙඩි ගැන ලිවුවම එව්වා කාලා දන්න මතක උන්දැලා කිව්වා ආයෙත් උයාගෙන කන්ඩ හිතෙනවා කියලා. ඉතිං ඒකනෙ වෙන්ඩ ඕන.  මේ දෙතුන් දොහකට ඉස්සර අපේ බලංගොඩ ගෙදර ඉස්සරහ ගෙදර නැන්දම්මා කියනවා මහත්තයට අපේ විමලා නංගි මුලිච්චි කරන්ඩ හිතාන ඉන්නෙ මං කියලා. ඇයි ඇහුවම උන්දෑ දන්න පරණ ඉවුම් කරුම

ලූලා ගනිල්ලා වලපත තබාලා

අපි ඉතිං ගම්වල මිනිස්සු වෙච්චි කොට කවුරුහරි කන්ඩ බොන්ඩ දීලා තිබ්බොත් ආයෙ ඒකෙ නම්බුව අමතක කරන්ඩ හිතන්නෙ නෑ ඕං මළගම් යන දොහ වෙනකම්ම සිහියක් පතක් ඇතුං ඉන්නවා නම්. උහ මිටි මොන මට්ටමෙත් මනුස්සයො ආස්සරය කරන්ඩ යාලුකම් පවත්තන්ඩ පුලුවන් වෙච්ච හින්දම මට යාලු මාලු කාරයෙක් ඉන්නවා හ ඳ පානාගලින්, ලුණුගම්වෙහෙරෙන් නැත්තං වෙහෙරගලින් වැව් මාලු ඇන්න ඇවිත් පාර අද්දර තියාගෙන විකුණන. තෙලියෙක්, පෙතියෙක්, ගොඩයෙක් නෙමෙයි වැලිගොව්වෙක්, ලූලෙක්, වලපොත්තෙක් එහෙම පෙට්ටියෙ බුදියගෙන හිටියොත් සල්ලි පස්සෙ දුන්නත් කමක් නෑ මේකට පදමට ලුණු මිරිස් දාලා සළකන්ඩ කියලා ඔතලා දෙනවා. ලූලා දෙන්නෙම ඇ ඟ ලේ වඩනවා කියලනෙ. මං බොහෝම පුංචි සාවියෙ හ ඳ පානාගල වැවේ මාලු බණ්ඩාරවෙල පොළට ගෙනාපු මනුස්සයෙක් හිටියා දයාරත්න මාමා කියලා. උන්දැයි අපේ තාත්තයි ගජ යාලුවො. එක අතකට එව්ව බෝතල් යාලුකම් වුණාට ඒකෙන් කිසිම අසානාසියක් වුණේ නෑ. රා අරක්කු බිව්වට උන්දැලා මනුස්සකම්වලට ආලවන්තකම් පෑවා. ඉතිං මෙවුන්දැත් ලූල් පතයෙක් හෙම බයිසිකල් පෙට්ටියේ හිටියොත් ඇරං පලයං පුතා කියලා දෙන පුරුද්දක් තිබ්බා. පස්සෙ කාලෙක ලූල් වරල් කතුරෙන් කපාලා අමුතු පහේ ආලවට්ටම් දාන මනු

ඔබ එනකම් පාසිකුඩාව

(මෙවැනි ලිපි කියවන්න සතිපතා අනිද්දා පත්තරෙන්) අබේනායක ධනපාල ඉපදුණේ පදියතලාවෙ. ඉස්කෝලෙ ගියෙත් පදියතලාවෙ. හරියටම ඒ අවුරුද්ද මතක නැති වුණත් පස්සෙ කාලෙක මිනිස්සු කතා කරපු දේවල් අහගෙන හිටපු හින්දා හිතේ තැම්පත් වුණා ජේ. ආර් අලුත් ආණ්ඩුවක් හදාපු අවුරුද්දෙ තමුන්නෙ ඉරණම වෙනස් අතකට පෙරලෙන්න ඇති කියලා. අවුරුදු හතක් වෙච්ච දෙකේ පංතියට පාස් වුණු කොල්ලෙක් ඉස්කෝලෙ ඇරිලා එද්දි බිබිල පොළට ගිහින් කෙසෙල් ඇරගෙන මරක්කල මිනිස්සු ඉන්න පැත්තට පදින ලොරියක් නවත්තලා නැගපං කිවුවෙ ඇයි කියන්න ධනපාල අදටත් දන්නෙ නෑ. සමහරවිට කවදාවත් කෙසෙල් තියා වෙන මොනවහරි පටවපු ලොරියක නැ ඟ ලා දුරක ගිහින් නැති ධනපාල එදා ඒ ලොරියට නැග්ගම එක්කාසු කරගෙන ආපු ලොරි කාරයො දැන් ඉතිං බැහැපං කිවුවෙ චෙන්කල්අඩිවලදී. පොත් ටිකත් තියාගෙන චෙන්කල්අඩි පාර අද්දර බයේ ගැහි ගැහී හිටපු ධනපාලගෙ විස්තර අහලා දැන් ඉතිං මොනව කරන්නද මා එක්ක යමං කිව්වෙ තවත් මරක්කල මනුස්සයෙක්. ඒ ගමන ඇවිත් නැවතුණේ වාලච්චේනෙ. උන්දැගෙ ගෙදර. එදා ඉ ඳහිට  ධනපාල කුඹුරු වැඩට උදව් වුණා. හරක් එළුවො බැලුවා. ඒ ගෙදර මනුස්සයගෙ දුව ෆරීඩා ධනපාලගෙ තනි නොතනියට හිටියා. පස්සෙන් පහු දෙන්නගෙ හිත්