(මෙවැනි ලිපි කියවන්න සතිපතා අනිද්දා පත්තරෙන්) අබේනායක ධනපාල ඉපදුණේ පදියතලාවෙ. ඉස්කෝලෙ ගියෙත් පදියතලාවෙ. හරියටම ඒ අවුරුද්ද මතක නැති වුණත් පස්සෙ කාලෙක මිනිස්සු කතා කරපු දේවල් අහගෙන හිටපු හින්දා හිතේ තැම්පත් වුණා ජේ. ආර් අලුත් ආණ්ඩුවක් හදාපු අවුරුද්දෙ තමුන්නෙ ඉරණම වෙනස් අතකට පෙරලෙන්න ඇති කියලා. අවුරුදු හතක් වෙච්ච දෙකේ පංතියට පාස් වුණු කොල්ලෙක් ඉස්කෝලෙ ඇරිලා එද්දි බිබිල පොළට ගිහින් කෙසෙල් ඇරගෙන මරක්කල මිනිස්සු ඉන්න පැත්තට පදින ලොරියක් නවත්තලා නැගපං කිවුවෙ ඇයි කියන්න ධනපාල අදටත් දන්නෙ නෑ. සමහරවිට කවදාවත් කෙසෙල් තියා වෙන මොනවහරි පටවපු ලොරියක නැ ඟ ලා දුරක ගිහින් නැති ධනපාල එදා ඒ ලොරියට නැග්ගම එක්කාසු කරගෙන ආපු ලොරි කාරයො දැන් ඉතිං බැහැපං කිවුවෙ චෙන්කල්අඩිවලදී. පොත් ටිකත් තියාගෙන චෙන්කල්අඩි පාර අද්දර බයේ ගැහි ගැහී හිටපු ධනපාලගෙ විස්තර අහලා දැන් ඉතිං මොනව කරන්නද මා එක්ක යමං කිව්වෙ තවත් මරක්කල මනුස්සයෙක්. ඒ ගමන ඇවිත් නැවතුණේ වාලච්චේනෙ. උන්දැගෙ ගෙදර. එදා ඉ ඳහිට ධනපාල කුඹුරු වැඩට උදව් වුණා. හරක් එළුවො බැලුවා. ඒ ගෙදර මනුස්සයගෙ දුව ෆරීඩා ධනපාලගෙ තනි නොතනියට හිටියා. පස්සෙන් පහු දෙන්නගෙ හිත්
අර කාත්තන්කුඩියෙ මහ පල්ලියෙ මහ බුරියානි බත ගැන ලියාලා ඒ විදියට නැතත් පාසු වෙන විදියකට බුරියානි හදාගන්න හැටිත් ලියව්වා නෙව පහුණු සුමානේ. ඊට පස්සෙන් පහු ඒ සම්මෙට උයාගත්ත ඇත්තොත් කතා කරලා පංකාදුයි කිව්වා. ඔයි අතරෙ තමයි මං දැක්කෙ කසුන් පුස්සෙවෙල මලයා අමුතු බතක් උයාගෙන කාලා ඒකෙ පින්තූර ඇන්න මුහුණු පොතේ අලවලා තිබ්බා. උන්දැගෙ වට්ටෝරුවේ පෙනුමෙ හැටියට නං ආයෙ කියන්ඩ කාරණා දෙකක් නෑ රස වෙන්ඩම ඕනි. ඒ අව් අස්සෙ අපේ තව ඇත්තෙක් කුකුළු මස් දමාලා උයාපු බුරියානි බතක් කන්ඩ සූකර මසක් උයාගෙන තිබ්බා කලුවට හාල් පොල් කලුවෙන්ඩ බැදලා කුඩු කරලා එව්වා දමාලා. හා ඉතිං මේ බුරියානි නං ඉත්තේරුවෙම්ම කියන්ඩ ඇහැක අරාබි කරෙන් ආපු පස්සෙ අපේ වෙච්ච මරක්කල උන්දැලා අ ඳ ුන්නලා දීපු කෑමක් කියලා. අපේ මැලේවරු ළ ඟ ත් මේ වාගේ අමුතු බත් තියෙනවා. එව්වට සමහරු නාසිගුරාන්ග් නැත්තං නාසිගුරානි කියලා කිව්වට හැබෑ නාසිගුරානි මං කෑවෙ ඉන්දුනීසියාවෙ ජකර්තා නුවරදි. ඒ වචනෙත් තේරුම කුලු බඩු දාලා හදාපු බත කියන එක වාගෙ මට මතක. මං වැරදි නං පෙන්නලා දෙන්ඩ හො ඳ යි. හැබැයි ඉතිං දැන් අපේ උන්නැහේලා හන්දියක් හන්දියක් ගාණෙ ඇරගෙන හැකරැල්ලො වාගෙ සත්තු